සාමය සහ රාජ්‍ය නොවන සංවිධාන

August 1, 2024|
Admin
|3 views
Share now:

Disclaimer:

The views and opinions expressed in this blog are those of the author and do not necessarily reflect the official policy or position of the International Youth Alliance for Peace (IYAP). IYAP provides a platform for diverse voices and perspectives but does not endorse or assume responsibility for the content.

image-5.webp
දහසක් මිනිසුන් අතර ඇත්තේ යහපත් හා කරුණාවන්ත නොවන එක් මිනිසෙකි. මානව ඉතිහාසයේ ඛේදනියත්වය රඳාපවතිනුයේ පාපතරයන්ගේ ප්‍රමාණය මත නොව අහඹු පාපතර ක්‍රියා මතය. විනාශයට අවශ්‍යවන්නේ එක් ක්‍ෂණයක් උවද, සංකීර්ණතා පද්ධති ගොඩනැගිය හැක්කේ පියවරෙන් පියවර බැගිනි. ‘මහා අසමතුලිතතාව’ යැයි මා හැඳින්වීමට කැමති අතිවිශාල බහුතරයකගේ ‘සාමාන්‍ය’ වැයම් ලෙස අදෘශ්‍යමානව හෝ අවධානයට ලක්නොවී පවතින සෑම බලවත් පාපතර ක්‍රියාවක්ම කරුණාවන්ත ක්‍රියා දසදහසකින් තුලනය වේ.

ස්ටෙෆන් ජේ. ගුල්ඩ් විසින් කරන ලද මෙම ප්‍රකාශයෙන් සනාථ වන ලෙසට අතිවිශාල බහුතරයකගේ කරුණාවන්ත ක්‍රියා පද්ධති මත මානව ඉතිහාසයේ පැවැත්ම රඳා පවතී. මෙහිදී කරුණාවන්තභාවය, පරාර්ථකාමය, සාධාරණත්වය හා අනුග්‍රාහකත්වය වැනි සංකල්ප යුක්තිය, සාමය සහ ගැටුම්, සංවේදී සංවර්ධනය වැනි ශක්තිමත් දේශපාලනික, සමාජ වගකීම් බවට පරිවර්තනය කරන්නේ කෙසේද යන ගැටලුව හමුවේ රාජ්‍ය නොවන සංවිධාන වල භූමිකාව ඉතා වැදගත් සාධකයක් බවට පත්වේ.

රාජ්‍ය නොවන සංවිධාන වල විකාශනය හා ඒවායෙහි හැසිරීම

අන්තර්ජාතික හා ජාතික තලයන් තුළ රාජ්‍ය නොවන සංවිධාන, තෙවන පාර්ශවයන් ලෙස කටයුතු කරයි. රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය හා රාජ්‍ය නොවන සංවිධාන වල සංකලනයක් ලෙස රාජ්‍යයන් හඳුන්වාදිය හැකිය. රාජ්‍ය නොවන සංවිධාන වල විකාශනය මෙසේ වුවා යැයි පැහැදිලි නිශ්චිත පිළිගැනීමක් නැත. රාජ්‍ය නොවන සංවිධාන දෙවන ලෝක යුද්ධය අවසාන වීමෙන් පසු බිහිවූ බවට සමාජය තුළ පිළිගැනීමක් තිබුණද මේවායෙහි ප්‍රභවය ඊට පෙර සිදුවූ බවට සාක්ෂි ඇත. සේව් ද චිල්ඩ්‍රන් (Save the Children) සංවිධානය දෙවන ලෝක යුද්ධයට පෙර ආරම්භ වන අතර, ‘වහල් විරෝධී සංගමය’, ‘රතු කුරුස සංවිධානය (Red Cross Society)’ ආදිය බිහිවන්නේද 19 වන ශතවර්ෂය අවසානයේදීය. එසේ වුවද සංවිධානාත්මකව හා ශක්තිමත් අරමුණු පෙරදැරිව රාජ්‍ය සංවිධාන බිහිවිමෙහිලා පදනම සකසනුයේ දෙවන ලෝක යුද්ධයයි. මෙහිදී රාජ්‍ය නොවන සංවිධාන බිහිවීමේ මුල්ම අරමුණු ලෙස සැලකුයේ “යුද්ධයට එරෙහිවිම” හා “මානවවාදී චින්තනය” යි.

රාජ්‍ය නොවන සංවිධාන අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නා එක්සත් ජාතීන්ගේ සංවිධානය (United Nations) 1945 ඔක්තෝබර් 24 වැනි දින බිහිවන්නේද ලෝක පරිමාණ අවශ්‍යතාවයක් වන ‘සාමය හා ආරක්ෂාව’ සපුරාලීමටය.

image-7.webp
ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව පවත්වා ගෙන යෑම සඳහා අවශ්‍ය ක‍්‍රියාකාරිත්වය සහතික කිරීම, සාමයට ඇති තර්ජන ඉවත් කිරීම, ජාත්‍යන්තර වශයෙන් ආර්ථික, සාමාජීය, සංස්කෘතික හා මානුෂීය ගැටලූ විසඳීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම, පොදු අයිතිවාසිකම් පදනම් කරගෙන ජාතීන් අතර හොඳ හිත, අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කරගැනීම හා ඉහත අරමුණු සාක්ෂාත් කරගැනීමේත්, සංයෝජනය කර ගැනීමේත් මධ්‍යස්ථානයක් වශයෙන් කටයුතු කිරීම වැනි මූලික අරමුණු මත පිහිටා එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය කාර්යභාරය මෙහෙයවයි.

මෑතකාලීනව ගැටුම් වල ස්වභාවය මෙන්ම අන්තර්ජාතික ප්‍රජාව ඒ සඳහා දක්වන වෙනස්කම්ද දක්නට ඇති අතර ගැටුම් වලින් බොහොමයක් රාජ්‍යයන් අතර නොව රාජ්‍යයන් ඇතුලත හටගැනීමේ ප්‍රවණතාවයක් පෙන්වයි. මේ හේතුවෙන් එක්සත් ජාතීන් ගැටුම් නිරාකරණය අවධාරණය කරමින්, නව අභියෝගවලට අනුරූපව සාමසාධක මෙහෙයුම් නිරතුරුවම හැඩගස්වමින්, කලාපීය සංවිධාන වැඩිවැඩියෙන් හවුල් කරගනිමින් සහ පශ්චාත් ගැටුම් සාම සාධනය ශක්තිමත් කරමින් තම පාලනය යටතේ ඇති මෙවලම් සමූහය යලි හැඩගැස්වීම සහ විස්තාරණය සිදුකර ඇත.

එමෙන්ම රතු කුරුස සංවිධානය (Red Cross Organization) ගත්කල ලොව කුමන ස්ථානයක දී හෝ සිදු වන ජාත්‍යන්තර සහ අභ්‍යන්තර සන්නද්ධ ගැටුම්කදී, ස්වභාවික විපතකදී, වසංගත තත්වයකට ගොදුරු වූවන්ගේ ජීවිත හා ගෞරවය ආරක්ෂා කිරීම සඳහා අන්තර්ජාතික මානුෂවාදී නීතිය සහ විශ්ව මානුෂවාදී මූලධර්ම ප්‍රවර්ධනය කරමින් ශක්තිමත් කරමින් මිනිස් ජීවිතය සුරක්ෂා කිරීමට වෙනුවෙන් වෛද්‍ය ඇතුළු සියලුම ආධාර රැගෙන පෙරමුණට පැමිණෙන ලොවපුරා රාජ්‍යයන් 192ක 166,000ක ශාඛා ජාලයක් හිමි බිලියන 13.7 ක ස්වේච්ඡා සේවක ජාලයකින් යුක්ත මානුෂවාදී රාජ්‍ය නොවන සංවිධානයක් වේ. රුවන්ඩා අර්බුධය තුළ මෙන්ම ලොව බොහෝ ගැටුම් අවස්ථාවන් තුළ කැපී පෙනෙන මානුෂිය සාම දුත මෙහෙවරක් සිදුකල තවත් එක් සංවිධානයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය.

21වන සියවසේදී සාම සාධනය හා සාමය සඳහා රාජ්‍යය නොවන සංවිධානවල විශ්මය ජනක නැගීමක් දක්නට ඇත. ඉන් කිහිපයක් ලෙස අවිහිංසාවාදී සාමුහිකත්වය, ග්රීන්පීස් (Green Peace), සාමය සහ නිදහස සඳහා වන කාන්තා අන්තර්ජාතික ලීගය, සාමය සඳහා ප්රවීණයෝ, සාමය සඳහා හේග්ගේ අභියාචනය, ජාත්‍යන්තර සාම කාර්යාංශය, මුස්ලිම් සාමූහික කණ්ඩායම්, සාමය සඳහා යුදෙව් හඬ, ඔක්ස්ෆෑම් ඉන්ටර්නැෂනල් (Oxfam International), දේශසීමා රහිත වෛද්යවරු, Peace Bene, ප්ලවහස් අරමුදල, ඇපොෆෝ, ගෝලීය විසඳුම් සඳහා පුරවැසියන්, ගැටුම් නිරාකරණ මධ්‍යස්ථානය ජාත්යන්තර, සංක්රමණික නගර, එක්සත් ජාතීන්ගේ සංගමය (United Nations), රොටරි ඉන්ටර්නැෂනල් (Rotary), නව දිශාවන් සඳහා කාන්තා ක්‍රියාකාරීත්වය, සහ දස දහස් ගණනක් වූ රාජ්‍ය නොවන සංවිධාන අන්තර්ජාතිකව ක්‍රියාත්මකවනු දක්නට ලැබේ.

ශ්‍රී ලංකාව සහ රාජ්‍යය නොවන සංවිධාන

ලෝකයෙන් මදක් එපිටට ගොස් ශ්‍රී ලංකාව දෙස බැලීමේදී ශ්‍රී ලංකාවේ මුල්ම රාජ්‍ය නොවන සංවිධාන ලෙස සැලකෙන්නේ 19 වන ශතවර්ෂය තුළ බිහිවූ ක්‍රිස්තියානි දුත මෙහෙයන්ට අහුබද්ධ සර්ව සභා සංවිධානයි. නිදසුන් ලෙස 1812 – ලංකා බයිබල් සමාජය, 1882 – තරුණ ක්‍රිස්තියානි සංගමය හඳුන්වාදිය හැකිය. මේවාට ප්‍රතික්‍රියාවන් ලෙස , ඒවායේ ව්‍යූහයන් ආදර්ශයට ගෙන බෞද්ධ, හින්දු, මුස්ලිම් සහ ආගමික නොවන සංවිධාන බිහිවූ බවට පෙන්වාදිය හැකිය. ශාඛා 125කට ප්‍රසාරණයව ලංකාවේ මුල්ම පුළුල් පදනමක් ඇති රාජ්‍ය නොවන සංවිධානය ලෙස සංවිධානගතවීමට ලංකා මහිලා සමිති සමත්විය.

image-11-e1677420404311.webp

වසර 30ක යුද්ධය තුළ මෙන්ම පශ්චාත් යුධ සමය තුළද සාමය සඳහා රාජ්‍ය නොවන සංවිධාන වල කාර්යභාරය ශ්‍රී ලංකාව තුළ ඉතා පුළුල් විය. යුද්ධය අවසන් වීමත් සමග ජාතික වශයෙන් ලංකාවේ ජනවර්ග අතර සාමය, සමගිය මෙන්ම සමාජ, ආර්ථික සියලු ක්ෂේත්‍ර නැවත ආරම්භ කිරීම ප්‍රධාන කාර්ය වූ අතර “සංහිඳියාව” යන ප්‍රවේශය යටතේ සියලු ජනවර්ග එක්සත් කිරීම සිදු වන්නට විය.

මෙහිදී රාජ්‍ය අංශයෙන් මේ සඳහා වන මැදිහත්වීම ප්‍රමාණවත් වේද යන ගැටලුව පැනනගින අතර විශාල ලෙස රාජ්‍ය නොවන සංවිධානවල මැදිහත්වීම මේ සඳහා දක්නට ලැබේ. යුද්ධයෙන් අවතැන් වුවන් නැවත පදිංචි කරවීම, යුධ වින්දිතයන්ට වන්දි ලබාදීම, අඩු අදායම්ලාභී පවුල් වලට ආධාර කිරීම, ග්‍රාමීය සංවර්ධන කටයුතු, ප්‍රජා සවිබලගැන්විම, තරුණයින් දිරිගැන්වීම, සාම හා සංහිඳියා වැඩසටහන්, උපදේශන වැඩමුළු, සෞඛ්‍ය වැඩමුළු, සමාජ කතිකා නිර්මාණය ආදී විශාල වපසරියක දිවෙන සාම ක්‍රියාදාමයන් රාජ්‍ය නොවන සංවිධාන වල මැදිහත්වීමෙන් සිදුවේ.

මෙම ක්‍රියාදාමයන්වල සඵලතාව වැඩි වීමට මෙම ව්‍යාපෘති සමාජයේ පහල ස්තරයත් සමග සමගාමිව පහල සිට ඉහලට ක්‍රියාත්මක වීම පෙන්වාදිය හැක. එනම් මෙහිදී ප්‍රතිලාභ ලබන පාර්ශ්ව සමග සම්මුතිගතව විසඳුම් සෙවීම සිදුවන අතර එය ඉතා සාර්ථක ක්‍රමයක් වේ. සාමය හා සංහිඳියාව සඳහා ඔවුන් තුලින්ම වන පිළිගැනීමකින් හා අවබෝධයෙන් ඒවා ක්‍රියාවට නැංවීම තුලින් සාර්ථක ප්‍රතිඵල ලඟා කරදීමට රාජ්‍ය නොවන සංවිධාන දරන ප්‍රයත්නය අගය කළ යුතුව ඇත.

Tagged communities, empowerment, humanity, Peace

Subscribe to our Newsletter

Stay updated with our latest initiatives and impactful stories! Join our community to receive inspiring updates, success stories, and opportunities to contribute to meaningful change.

Be the First to Know About Youth-Led Innovations!